Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන සතියේ සිට සහල් මිල දැනෙන අගයකින් පහළට

2 years ago

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කිරීමත් සමග එහි වාසිය පාරිභෝගිකයන්ට ලබාදීමට තීරණය කළ බ්ව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභපති යූ.කේ. සේමසිංහ මහතා පවසනවා.

කර්මාන්ත අංශය සඳහා සියයට 25කින් අඩුකළ විදුලි ගාස්තු සංශෝධනයේ වාසිය පාරිභෝගිකයන්ට ලබාදීමට තම සංගමය කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

නව සංශෝධනයත් සමග සහල් නිපදවීමට වැය වූ වියදම අඩු වී ඇති බවත්, ලබන සතිය තුළදීම විදුලි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

“රුපියල් 210කට තීරණය වී තිබෙන නාඩු සහල් කිලෝ එකක මිල රු. 195ක මිලකට හෝ රු. 200ට අඩු මිලකට රැගෙන එනවා.

තවදුරටත් විදුලි බිල අඩු කළහොත්, එහි එහි වාසිය ඉදිරියේදීත් පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරනවා” යූ.කේ. සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියි.