ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් අද දිනයේ කඩවත පැවැත්වීමට නියමිත රැලිය වර්ජනය කරන ලෙස ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රබලයින්ට බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වෙයි.
එම රැස්වීමට සහභාගී නොවන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ දැනටමත් දැනුම් දී ඇති බව සඳහන්.
මෙම රැලිය සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් ආසන සංවිධායකවරුන්ද සහභාගී නොවීමට තීරණය ඇති බව වාර්තා වෙනවා.
මෙම රැස්වීම සංවිධානය සඳහා මූලිකත්වය ගෙන තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතායි.
කඩවත ජන හමුවට පැමිණෙන ලෙස පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් ප්රබලයෙකු ආසන සංවිධායකවරයෙකු වෙත කතා කළ අවස්ථාවේ ඔහු එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබේ. මෙහිදී දෙදෙනා අතර උණුසුම් සංවාදයක්ද සිදුව ඇති බව වාර්තා වේ.
එම උණුසුම් සංවාදය එම සංවිධායකවරයා විසින් පටිගත කොට පක්ෂයේ ප්‍රධානීන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට ඇත.


