පෞද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම ලබන වසර දක්වා ප්රමාද කිරීමට තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
පෞද්ගලික වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ අමෙරිකානු ඩොලර් බිලියනයක ප්රමාණයක් සෑම වසරකම මෙරටින් පිටතට ගලා යනු ඇති බවට ගණන් බලා ඇති අතර ඒ සඳහා පහසුකම් සැලැසීමට ප්රමාණවත් විදෙස් සංචිත ප්රමාණයක් ලබා දීම මහ බැංකුවට අපහසු බැවින් මෙම තීරණය ගැනීමට සූදානම් වන බවයි මහ බැංකුව සඳහන් කළේ.
ඒ අනුව එම තහනම ඉවත් කිරීම ලබන වසර මුල මුල දක්වා ප්රමාද කිරීමට රජය තීරණය කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් බස් සහ ට්රක් රථ මෙන්ම සංචාරය ක්ෂේත්රය සඳහා යොදා ගන්නා වෑන් රථ වැනි වාණිජ පදනමකින් යුත් වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ලබන මාසයේ සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.
මෙම වාහන ආනයනය ඉවත් කිරීම ලබන වසරේ මැයි හෝ ජූනි දක්වා ප්රමාද වනු ඇති බවට ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
වාහන ආනයනය ආරම්භ වූ පසු වාහන අමතර කොටස් ආනයනය කර මෙරටදී වාහන එකලස් කරන සමාගම් සඳහා ප්රමුඛතාව ලබා දීමට නියමිත බවද වාර්තා වනවා.


