ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාව අද (21) පස්වරුවේ ඒකමතිකව සම්මත කර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ, අද ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුව අතරතුරයි.
ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, සියලුදෙනා දෑත් ඔසවා එය ඒකමතිකව සම්මත කර ගනු ලැබුවා.
එම ජන හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.


