සමගි ජන බලවේගය ප්රමුඛව ඉදිරි මැතිවරණය සඳහා ගොඩනඟන සන්ධානය ලබන මස 8 වැනිදා එළිදක්වන බව, සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹ ඊයේ (23) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා මෙසේ ද පැවැසීය.
‘‘මෙම සතිය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරලා තිබෙනවා. ලබන මාසයේදී මැතිවරණ පනත අනුව නාම යෝජනා භාරගත යුතුව තිබෙනවා. සැප්තැම්බර් මාසය අගදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙනවා. ඒ වගේම සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ තිබෙන වැඩි මන්ත්‍රී නියෝජනයක් තිබෙන පක්ෂ සමඟ සන්ධානගත වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි. සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් යන සියලුම කණ්ඩායම් සමඟ එකතුවී සමගි ජන සන්ධානය නිර්මාණය කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ සියලුම දෙනා ඒක රාශි කරගෙන දැවැන්ත සන්ධානයක් නිර්මාණය කරන්න කටයුතු සිදුකරගෙන යනවා.
ඒ අනුව අගොස්තු මස 8 වැනිදා සමගි ජන සන්ධානය එළිදක්වන්න කටයුතු කරනවා.
රටේ තිබෙන සියලුම ප්‍රශ්නවලට උත්තර ලබාදෙන්න සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති මාලාවත් එළි දක්වන්න කටයුතු කරනවා. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනසන්ධායේ ජනාධිපතිධූර අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දුරකතනය ලකුණින්. සමගි ජනබලවේගය ගොඩනගන සන්ධානය සඳහා දුෂණයෙන් තොර , අද්දැකිම් තිබෙන විශාල නායකයින් පිරිසක් සහ දමිල , මුස්ලිම් පක්ෂ එකතුවීමට නියමිතයි. මන්ත්‍රීවරු 30 කට වැඩි ප්‍රමාණයක් සමගි ජන සන්ධානය සමඟ එකතු වීමට නියමිතයි.“


