Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට වාහන මිල සියයට 60 කින් පහළට ?

2 years ago

වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ නිෂ්පාදිත වර්ෂය වසර හතක් දක්වා පැරණි වාහන, ආනයනයට අවසර ලබා දෙන ලෙසයි.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්ජිගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා අවසර ලැබුණහොත් පාරිභෝගිකයකට දැනට වෙළඳපොලේ පවතින මිලට වඩා සියයට 60-70 ත් අතර අඩු මිලකට වාහනයක් ගැනීමට අවස්ථාව හිමිවන බවයි.

එම වාහනවල මිල අවම මට්ටමක පැවතින බැවින් පළමු වතාවට වාහනයක් ගැනීමේ අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන්ට අනගි අවස්ථාවක් උදාවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඒ යටතේ සියලු ප්‍රමිතීන්ට හා ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ගුණාත්මක පැරණි වාහන ගෙන්වීමට හැකියාව ලැබෙනු බව මෙරංජිත් මහතා අවධාරණය කරනවා.