Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති කිරීමේ දායාදය විදියට රනිල් අපිව දෙකඩ කළා! නාමල්ගෙන් ජනපතිට බරපතල චෝදනාවක්!

2 years ago

රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලනිකව සහයෝගය දැක්වීමේ දායාදය ලෙස අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වී ඇති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ මහතාට අපි පූර්ණ සහයෝගය දුන්නා. අපිට නොගැලපෙන දේවල් කළත් අද වෙනකම් අපි වචයකින්වත් මුකුත් කළේ නැහැ. හැබැයි ඉතින් පක්ෂයක් විදියට අපිට ලැබිච්ච දායාදය නම් පක්ෂය දෙකට කඩපු එක. ඉතින් ඉදිරියේදී අපි දේශපාලන තීන්දුවක් ගමු. හැබැයි අපි අවංකව රනිල් මහත්තයාට උදව් කළා.

එතුමා එහෙම කරන්නේ පොහොට්ටුවට නෙමෙයි. පුරුද්දට. එතුමාව ගේනකොටත් අපි ඒක දන්නවා. එජාපය කැඩුවා, ශ්‍රීලනිපය, යහපාලන ආණ්ඩුව, ජවිපෙ කැඩුවා, LTTE එකත් කැඩුවා.”  

“රනිල් වික්‍රමසිංහ මහතා එක්ක අපි අදටත් සාකච්ඡා කරනවා. ගැලපෙන තැනකට ආවොත් ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්න සූදානම්.”

ඔහු මේ බව සඳහන් කළේ පක්ෂ කාර්යාලයේ අද (25) පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.