Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ranil wickramasinghe and basil rajapakshe

බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්! මස් රාත්තලම ඉල්ලයි!

2 years ago

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ මහතා හෙට (28) හමුවීමට නියමිත බවද පැවසේ.

එහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගොඩනැගීමට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළද ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණට ලැබෙන කෝටාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවද වාර්තා වේ.

පළාත් පාලන ආයතන සඳහා සියයට 30ක කෝටාවක් පළාත් සභා සඳහා සියයට 35ක කෝටාවක් සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 40%ක කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බවටයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ.

කෙසේ වෙතත් අදාළ යෝජනාව හිටපු මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, විශ්වාසදායක ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා සියයට 90ක කෝටාවක්, පළාත් සභා සහ පාර්ලිමේන්තුව සඳහා සියයට 70ක කෝටා ඉල්ලා ඇති බව සඳහන්.