වෙළඳපොලේ පුවක් මිල මේ දිනවල සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
දින කිහිපයකට පෙර රුපියල් 10කට අඩු අගයකට අලෙවි වූ පුවක් ගෙඩියක මිල මේ වන විට ඇතැම් ප්රදේශවල රුපියල් 25කට ආසන්න වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
වෙළඳුන් පෙන්වා දෙන්නේ වෙළඳපොළට ලැබෙන පුවක් අස්වැන්න අඩුවීම හේතුවෙන් මෙලෙස පුවක් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
ඉදිරියේදී පුවක් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


