හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් නව ජනතා පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර ඇත.
ආර්ථික අර්බුදයෙන් දරුණු අගාධයකට වැටුණු රට පසුගිය වසර දෙකේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යම් ස්ථාවරත්වයකට පැමිණ ඇති බැවින් ඉදිරියටද ඔහුගේ නායකත්වය යටතේ මේ රට සංවර්ධනය කිරීමට ශක්තියක් වීම මේ මොහොතේ රට ඉල්ලන අවශ්‍යතාවය බව එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයන්ගේ ඒකමතික තීරණය වී තිබේ.


