2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
අද(29) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී රැස් වූ දේශපාලන මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව එම පක්ෂයේ මහ ලේකම් සඳහන් කරනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ, මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවය.
තම පක්ෂය තුළින්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බැවින් වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට හැකියාවක් නොමැති බව ද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.
පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයේදී පොහොට්ටුවේ තීරණයට විරුද්ධ වූ පොහොට්ටුවේ ප්‍රබලයින් 11 මෙන්න (ඡායාරූප)


