ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින් තම පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද(29) පස්වරුවේ පැවති දේශපාලන මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා.
විධායක සභා රැස්වීම සඳහා පොදුජන පෙරමුණේ විධායක සභාවෙහි විධායක සභාව නියෝජනය කරන නියෝජිතයන් 72 දෙනෙකු සහභාගී වී සිටි බව සඳහන්
එහි දී පක්ෂයේ මතය වූ ‘පක්ෂයේ ම සාමාජිකයෙක්’ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට එරෙහිව 11 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබුණා.
එම පිරිස අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරුන් පිරිසක්ද සිටිනවා.
ඒ අනුව එම පිරිස වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, බන්ධුල ගුණවර්ධන, එස්. බී දිසානායක, මොහාන් පී ද සිල්වා, කනක හේරත්, කෝකිලා ගුණවර්ධන, ප්‍රදීප් උඳුගොඩ සහ සහන් ප්‍රදීප් යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජන කළ මැති ඇමතිවරුන්.





