Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටුව දෙදරයි! පොහොට්ටුවේ මැති, ඇමතිවරු පිරිසක් ඊයේ රාත්‍රියේම රනිල්ට සහය පළ කිරීමට යයි!

2 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ පිහිටි කාර්යාලයට ඊයේ (29) රාත්‍රියේම ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කර තිබේ.

මෙම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ,කංචන විජේසේකර, රමේෂ් පතිරණ,කනක හේරත්, දිලුම් අමුණුගම,මොහාන් ප්‍රිදර්ශන, ගීතා කුමාරසිංහ, ප්‍රේම්නාත් සී. දොලවත්ත, එස්.බී.දිසානායක ඇතුළු ඇමැතිවරු සහ මන්ත්‍රීවරු වූහ.

එම පිරිස පැවැති සාකච්ඡාවේදී පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ජය තහවුරු කිරීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවයි.

මේ අතර සිය ‘x’ ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත්තේ පක්ෂය විසින් කුමන තීරණයක් ගනු ලැබුවද රට අර්බුදයෙන් බේරාගත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී පූර්ණ සහය ලබා දෙන බවයි.