Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැසිල්ගේ දකුණු අත පොහොට්ටුව අතහැර රනිල් ළඟට යයි

2 years ago

එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම කමිටුව පවසන්නේ එලැඹෙන ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙනුවට වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන පවසන්නේ.

එස්.එම්. චන්ද්‍රසේන හා ඔහුගේ සොහොයුරු එස්.එම්.රංජිත් සැලකෙන්නේ බැසිල් රාජපක්ෂගේ ඉතා සමීපතමයන් දෙදෙනෙකු ලෙසයි.