සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
සුදුසුම අපේක්ෂකයා පිළිබඳ තීරණය ඉදිරියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී ගැනීමට නියමිත බවයි මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.
ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමෙන් පසු එළැඹෙන අගෝස්තු මස 4 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නියෝජිත සමුළුවේදී ප්‍රකාශයට පත්කරන බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.
සර්වජන බල සන්ධානය දිලිත් ජයවීර නායකත්වය දරන මව්බිම ජනතා ජනතා පක්‍ෂය, විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ රැසකින් සමන්විතයි.
ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එහි නායකයෙකුද නැතිනම් වෙනත් කෙනෙකු ද යන්න අගෝස්තු 4වනදා දැක බලා ගත හැකි බවයි ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේ.


