Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් 9 දෙනෙකුගේ තීරණාත්මක අවසන් තීන්දුව අද පස්වරුවේ

2 years ago

මෙවර ජනාධිපතිවරණයේදී තම පක්ෂය සහාය දෙන ජනපති අපේක්ෂකයා කවුරුන්දැයි අද(31) ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඊයේ(30) පැවසීය.

ඒ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා විධායක සභාව අද(31) පස්වරුවේ රැස්වී බහුතර  පිරිසකගේ එකඟතාවය මත අවසන් තීරණයක් ගන්නා බවයි.

එම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාද සහභාගි වී සිටියේය.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනෙකු පාර්ලිමේන්තුව සඳහා තේරී පත්විය.