මෙරට මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේදී සිදුකිරීමට නියමිතය.
ඒ ලෝක වෙළඳපලේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති පසුබිමකයි.
ජූලි පළමුවනදා වන විට ඩොලර් 82.38ක් ලෙස සටහන් වී තිබූ ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඊයේ දිනය වන විට ඩොලර් 75.30ක් දක්වා පහත වැටී තිබුණි.
එමෙන්ම ජූලි පළමුවනදා වන විට ඩොලර් 86.69ක් ලෙස සටහන් වී තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ සටහන් වී තිබුණේ ඩොලර් 79.02ක් ලෙසයි.
මේ හේතුවෙන් අද රාත්‍රියේ මෙරට ඉන්ධන මිලෙහිද සැලකිය යුතු අඩුවීමක් සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.


