Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

litro gas price - ලිට්‍රෝ ගෑස් මිල

ලිට්රෝ ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීමක්

2 years ago

අගෝස්තු මාසයේදී ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

පසුගිය ජූලි පළමුවනදා කළ මිල සංශෝධනයේදී කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කළ අතර එහි වර්තමාන මිල රු.3,690කි.

කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩු කළ අතර එහි වර්තමාන මිල රුපියල් 1,482කි.

කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක වර්තමාන මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් පහත දැමීය.