IMF නියෝජිතයින් අද ජනපති හමුවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් දමා තිබෙනවා.
ලබන සතිය තුළ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (31) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී පැවති විශේෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට පසුගිය සඳුදා දිනයේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කරනු ලැබූ අතර දින දෙකක් තුළ අපේක්ෂකයා කවුරුන් ද යන්න ප්‍රකාශට පත්කරන බව එහිදි ඔවුන් පැවසුවා.


