Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටුවේ තීරණය වෙනස් වන ලකුණු! මහින්දගෙන් කොළ එළියක්!

2 years ago

තමන්‌ගේ ඡායාරූපය යොදාගනිමින් දේශපාලනය කිරීමේ හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ‍

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ හමුවක් පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

ඒ සඳහා කොළඹ, ගම්පහ, කළුතර ගාල්ල, මාතර, හම්බන්තොට, මාතලේ, මහනුවර නුවරඑළිය, රත්නපුර කෑගල්ල, බදුල්ල මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය කුරුණෑගල, පුත්තලම අනුරාධපුර, පොළොන්නරුව පළාත් පාලන නියෝජිතයින් එක්ව සිටියා.

මාධ්‍යවේදීයා – කොහොමද අද තත්ත්වය පොහොට්ටුවේ.?

මහින්ද රාජපක්ෂ – බොහෝම හොඳ තත්ත්වයක්.

මාධ්‍යවේදීයා – මොකද හිතන්නේ, තවදුරටත් සාකච්ඡාවක් තියෙනවා ද ජනාධිපතිතුමාත් එක්ක, නැත්නම් තනියම යනවා ද.?

මහින්ද රාජපක්ෂ – අපි පක්ෂයක් හැටියට වෙනම යනවා නේ. සාකච්ඡා ඔක්කෝම කරනවා.

මාධ්‍යවේදීයා – අපේක්ෂකයෙක් වෙනම දානවා ද.?

මහින්ද රාජපක්ෂ – ඔව්, අනිවාර්යයෙන්.

මාධ්‍යවේදීයා – රනිල් මහත්තයා එක්ක යන්නේ නැද්ද ජනාධිපතිවරණයට

මහින්ද රාජපක්ෂ – නැහැ. දැනට පක්ෂය තීන්දු කරලා තියෙන්නේ ඒක.

මාධ්‍යවේදීයා – ඊයේ ජනාධිපතිවරයා එක්ක තිබුණ රැස්වීමේ දී ඔබතුමාගේ පින්තූරය සහිත බැනර් දාගෙන තමා දේශපාලනය කරේ.?

මහින්ද රාජපක්ෂ – මගේ එක තහනමක් නැහැනේ.

මාධ්‍යවේදීයා – ඒක දාගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාට මොනවා හරි කරන්න පුළුවන් ද.?

මහින්ද රාජපක්ෂ – මගේ පින්තූරය දාගෙන ඔනෑ දෙයක් කරන්න පුළුවන්. අපි ඔනේ දිනන්න.

මාධ්‍යවේදියා – සර්, ජනාධිපතිවරයාට තාම ඉඩක් තියෙනවා ද.?

මහින්ද රාජපක්ෂ – තීන්දු කරලා ඉවරයිනේ. පක්ෂය තමා තීන්දු කරන්න ඔනේ. මම නෙවෙයි. ආයෙත් වෙනස් කරන්න කිව්වොත්, ඒත් කරනවා.

මාධ්‍යවේදීයා – ධම්මික පෙරේරා මහතා ඉන්නවා ද.?

මහින්ද රාජපක්ෂ – ධම්මික ඉන්නවා.”