Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාතර හා රත්නපුර පුංචි පොහොට්ටුවන් පක්ෂයේ තීරණයෙන් කිපෙයි! සාගර කාරියවසම්ව ඉවත් කිරීමට යෝජනා සම්මත කරයි!

2 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු 78ක් ඇතුළුව ග්‍රාමීය නායකයින් සිය නිවෙස වෙත ඊයේ(01) කැඳවා තිබුණි.

එම හමුවට පැමිණි පිරිස් අමාත්‍යවරියට පවසා ඇත්තේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාට සහාය ලබා දිය යුතු බවයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමටත් සාගර කාරියවසම් මහ ලේකම්වරයා ඉවත් කොට එම ධුරයට රමේෂ් පතිරණ මහතා පත් කළ යුතු බවටත් වු යෝජනා දෙක ඒකමතිකව සම්මත කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) එම බල මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීයි.

ඒ සදහා මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය නියෝජනය කරමින් හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන්,හිටපු පලාත් පාලන ආයතන නියෝජිතයින්,ඡන්ද අපේක්ෂකයින් ඇතුළු තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගී වි සිටි බවට වාර්තා වනවා.