සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ජූනි මාසයට අදාළ තම ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව නිකුත් කර තිබෙනවා.
එම නව වාර්තාවට ජනාධිපතිවරණයේදී අනුව අනුර කුමාර දිසානායක මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර තිබූ පරතරය තවදුරටත් වැඩි වී තිබෙනවා.
එම සමීක්ෂණ වාර්තාවට අනුව සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති ජනතා ප්‍රසාදය වර්ධනය වී ඇති අතර ඔහුට මෙවර හිමිව ඇති ප්‍රතිශතය 43%කි.
ඔහුට පසුගිය මැයි මාසයේ සමීක්ෂණ වාර්තාවට අනුව හිමිව තිබුණේ 39%ක ප්රතිශතයකි.
එහිදී ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට හිමි වී ඇති ජන ප්‍රසාදය 30%ක් ලෙස සටහන් වී ඇති අතර එය පසුගිය සමීක්ෂණයේදී 36%ක් ලෙස සටහන් වී තිබුණි.
ඒ අනුව ඔහුට හිමි ජන ප්‍රසාදය 6%කින් පහත වැටී ඇත.
එම සමීක්ෂණ වාර්තාවට අනුව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 20%ක ජනතා ප්‍රසාදයක් හිමිව පවතී. ඔහුට හිමි ජන ප්‍රසාදය මාස 3ක් තුළ 10% සිට 20% දක්වා වැඩි වී තිබීම කැපී පෙනෙන සිදුවීමකි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට හිමි ජන ප්‍රසාදය 8% සිට 7% දක්වා පහත වැටී ඇත.
මෙම සමීක්ෂණය සඳහා මේ දක්වා පුද්ගලයින් 18,213 දෙනෙකු සහභාගී කරවාගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ සංචාරයේ නිරත වන විට මෙරට සිටින ජනප්‍රියම දේශපාලනඥයා ඔහු බව පැවසීමට ඉන්දීය මාධ්‍ය උපයෝගී කර ගත්තේද මෙම සමීක්ෂණ වාර්තාවේ ප්රතිඵලයි.
මෙම සමීක්ෂණය ආරම්භයේ සිටම එහි පෙරමුණ ගෙන සිටි අනුර කුමාර දිසානායක මහතාට හිමි ජන ප්‍රසාදය ක්‍රමිකව පහත යමින් පැවතීම කැපී පෙනෙන සිදුවීමකි.


ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ


