ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් ඊයේ(01) රාත්‍රියේ පවත්වා ඇති බව වාර්තා වනවා.
ඒ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදීය.
මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.
මේ අතර තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්තමාන ජනාධිපතිවරයාට සහාය ලබාදීම හෝ නොවීම මත පදනම්ව කුඩා පක්ෂ රැසක් තමන් සහය දක්වන අපේක්ෂකයා පිළිබඳව තීරණය කිරීමට නියමිතය.


