Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්ද රනිල්ට බෑ කියයි

2 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය තමාට වෙනස් කරන්න නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.

පක්ෂය විසින් නැවත එවැනි තීරණයක් ගතහොත් පමණක් තමාගේ තීරණය වෙනස් කිරීමේ හැකියාවක් පවතින බව ඔහු වැඩිදුරටත් දන්වා ඇති බව සඳහන්.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ පක්ෂයේ තීරණය සඳහා තමාට පෞද්ගලිකව මැදිහත් වීමට නොහැකි බව එහිදී හිටපු ජනපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇති බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවෙසේදී පසුගිය බ්‍රහස්පතින්දා(1) හමුවී සාකච්ඡා කර ඇත

හිටපු ජනාධිපතිවරයා සිය ස්ථාවරය මෙසේ දැනුම් දී ඇත්තේ එම හමුවේදීය.

දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් ඉතා සුහද  අයුරින් පැවැත්වුණු බව  දැනගන්නට ඇත.