ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දයාසිරි පාර්ශ්වය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.
සියලු ආසන සංවිධාකයින් අද කොළඹට රැස් කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවයේ සහාය රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කළ බව පසුගිය අගහරුවාදා දුමින්ද දිසානායක පැවසීය.


