පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරනවා.
එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් යුත් ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගෙන ඇති බවය.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවට ගැනීමට සූදානම් වන බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.
එලෙස ලිපියක් ලැබී ඇති ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරන්නේ, “අද සාගර කාරියවසම්ලා මොන ලියුම එව්වත් අපි මේවට බය නෑ. අපි තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිතුමා මේ රටට සිදුකළ සේවය නිසයි.” යනුවෙනි.


