දිලිත් ජයවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු පිරිස එක්ව පිහිටුවාගත් සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අද(04) සිදු කරන බව එම සන්ධානය නිවේදනය කරයි.
අද පස්වරු 2.30ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පවතින ජාතික මහ සම්මේලනයේදී අපේක්ෂකයා ජනගත කිරීම සිදු කරන බව එම නිවේදනයේ සඳහන්.
මේ අතර මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.


