Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා බිරිඳ සජබයට එක්වෙයි

2 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්විය.

ඒ මහතා මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබයි.

මෙම අවස්ථාවේදී ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මියද සජබයට එක් වූ අතර ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කරු වශයෙන් කටයුතු කරනු ලබයි.