Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෝස්ටරයක් නිසා සජබ හා මාලිමා පාක්ෂිකයන් දෙදෙනෙක් මරා ගනී! දෙදෙනාවම රෝහල්ගත කරයි!

2 years ago

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් මයිලන්කුලම මංසන්ධියේ පොදු බස් නැවතුමක ප්‍රදර්ශණය කර තිබූ සමගි ජනබල වේගයට අයත් පෝස්ටරයක් ජාතික ජනබල වේගයේ ප්‍රබල පාක්ෂිකයක විසින් ඊයේ(04) ඉරා විනාශ කිරීමත් සමග ඇතිවූ ගැටුම දුරදිග යාමෙන් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වනාතවිල්ලුව පොලිසිය සදහන් කරනවා.

මෙසේ ගැටුමකින් තුවාල ලබා ඇත්තේ සමගිපුර ප්‍රදේශයේ පදිංචිකාර වයස අවුරුදු (50) හැවිරිදි වියේ අයකු සහ හලාවත ප්‍රදේශයේ සිට තාවකාලික පදිංචියට පැමිණ සිටින වයස අවුරුදු (48) හැවිරිදි අයකු බව පැවසෙනවා.

සමගි ජන බල වේගයේ පාක්ෂිකයකු විසින් ඊයේ දිනයේ එම පක්ෂයට අයත් පෝස්ටර් කිහිපයක් අලවමින් ගොස් ඇති අතර, ඒ දෙසට පැමිණි ජාතික ජනබල වේගයේ ප්‍රබල පාක්ෂිකයකු වන අයකු ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරිමින් එම පෝසටර් ඉරා දමා පරුෂ වචනයෙන් බැණ වදිමින් ගොස් තිබෙනවා.

පසුව සමගි ජන බල වේගයේ පිරිස නැවත පැමිණෙන විට එම පෝස්ටර් ඉරා දමා ඇති අයුරු දැක අසල ත්‍රිරෝද රථ රියදුරකුගෙන් විමසීමක් කිරීමේදී පෝස්ටරය ඉරා දමා ඇති තැනැත්තා පිළිබදව ඔහු පැවසීමත් සමග මෙම පිරිස ජාතික ජන බල වේගයේ පාක්ෂිකයාගේ නිවසට පැමිණ ගැටුමක් ඇති කරගෙන තිබෙන බව වනාතවිල්ලුව පොලිසිය සදහන් කරනවා.

සමගි ජන බල වේගයේ පාක්ෂිකයා විසින් පෝස්ටර් ඉරා දැමු බව කියන ජාතික ජන බල වේගයේ පාක්ෂියාගේ නිවසට මන්නා පිහියක් රැගෙන ගොස් බැණ තර්ජනය කර තිබෙනවා

මෙයින් කෝපයට පත් පෝස්ටරය ඉරා දැමූ තැනැත්තා විසින් එකවරම අසල තිබූ පොල්ලකින් පහර කිහිපයක් එල්ල කර, බයිසිකල් දම්වැළකින්ද පහරදි තිබෙන බව පොලිසිය පවසනවා.

පසුව සිද්ධියෙන් තුවාල ලැබූ පාක්ෂිකයින් දෙදෙනාම වනාතවිල්ලුව පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කර තිබෙන බව පොලිසිය පවසනවා.

පසුව පොලිසිය විසින් දෙදෙනාටම අධිකරණ වෛද්‍ය පරික්ෂණ පෝරම නිකුත් කර රෝහල් ගත වන ලෙස උපදෙස් දී තිබෙනවා.

පරික්ෂණ පවත්වන වනාතවිල්ලුව පොලිසිය වැඩිදුරටත් සදහන් කරන්නේ පුත්තලම වනාතවිල්ලුවෙන් මැතිවරණ උණුසුම ආරම්භ වීමටත් මත්තෙන් වාර්තාවූ පළමු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙය බවයි.(news19)