Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අම්මා කිව්ව නිසා රෝහිත රනිල් ළඟට ගියා! දරුවෝ කියන නිසා මම මහින්ද ළඟට යනවා!

2 years ago

රෝහිත අබේගුණවර්ධනට ඔහුගේ මව රනිල් ළගට යන්න කියලා උපදෙස් දුන්නද තමාගේ දරුවන් තමන්ට මහින්ද ළගට යන ලෙස උපදෙස් දුන් බව ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ පවසනවා.

බොරු කිඹුල් කදුළු හෙලමින් තමාගේ තම මවගේ උපදෙස් නිසා රනිල් ළගට ගියේ යැයි රෝහිත පැවසුවාට, තමාටමනම් අම්මාත් තාත්තාත් නැන්දම්මත් මාමාත් නැති බවත් දරුවෝ කියන්නේම මහින්ද ඉන්නේ කොහෙද එතන ඉන්න යැයි වසන්තා හඳපාන්ගොඩ වැඩිදුරටත් කියා සිටියා.

ඇය මේ බව පැවසුවේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පසුගියදා කළුතරදී රෝහිත අබේගුණවර්ධන විසින් සංවිධානය කල රැස්වීමට තමාද සහභාගී වු නමුත් තමාට එහිදී අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා නොදුන් බවට ඇය විවේචනයක්ද සිදු කළා.