ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හෙට (07) පෙරවරුවේ නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු වන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කළේ මීට පෙර නම් කර සිටි ධම්මික පෙරේරා මේ වනවිට සිය අකමැත්ත පක්ෂය වෙත දැනුම් දී ඇති බවයි.
ඒ හේතුවෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉදිරිපත් වීමේ සූදානමක් පවතින බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී අද (06) පැවැත්විණි.


