මෙරට වාර්ෂිකව සිදුකෙරෙන වාහන දුම් පරීක්ෂණ අතරින් වාහන සියයට 20ක් අසමත් වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගිය සඳුදා(05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන දුම් පරීක්ෂා සහතිකය ලබා ගැනීමත් සමගම වාහන බලපත්‍රයත් රක්ෂණාවරණයත් එකම ස්ථානයකින් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවය.
තවත් මාස දෙකක් ඇතුළත එම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු පවසනවා.
මේ සඳහා යම් ගෙවීමක් කිරීමට සිදුවන අතර මෙය අනිවාර්ය නොවන අතර තමන් කැමති පරිදි සේවාව ලබා ගැනීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


