ජනාධිපති අපේක්ෂක, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට යන බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
ඔහු පසුගිය දින කිහිපයේ හදිසි ඉන්දීය සංචාරයක නිරත වූ අතර, එහිදී ඉන්දීය විදේශ ඇමති එස් ජයිශංකර් සහ විදේශ ලේකම්වරයාද හමුවූ බවයි ඔහු පවසන්නේ.
එම සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තම ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දැනුවත්කිරීමට අද දිනයේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන බවයි.


