ජනාධිපතිවරණය අවසන් වන තෙක් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ආසනවලට නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.
මීට සුලු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වූ වහා මෙම පුරප්පාඩු පිරවීමට සජබය තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.
මේ අතර සමගි ජන බලවේග අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ හරීන් ප්‍රනාන්දු ඉවත් කිරීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා තුන් කොටසක් නිර්මාණය වී තිබූ බවයි.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ සහ අජිත් පී පෙරේරා යන අය අතර එම සටන නිර්මාණය වී තිබූ බව සඳහන්.


