ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී රනිල් වික්‍රමසිංහ දිනවීමට ගිය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නැවත නාමල් රාජපක්ෂ දිනවීමට පැමිණෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රීවරුන් විශාල සංඛාවක්ද ප්‍රේමලාල් ජයසේකර සමග නාමල් දිනවීමට එකතුවීමට නියමිත බව වාර්තා වේ.
ඒ මහතා ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වී නිල වශයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්.
කලක පටන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සේවය පිළිබඳව අගයමින් සිටි ඔහු එක්වරම මෙලෙස සිය දේශපාලන මතය වෙනස් කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


