Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් සුපිරි ක්‍රිකට් තරුවක් සජිත්ට එක්වෙයි! එක් වූ සැණින් රාජිතගේ තැන පිරිනමයි!

2 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස⁣ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ඒ මහතා සමගි ජන බලවේගය හා එක්ව ඇත.

වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිලකරත්න ඩිල්ශාන් මහතා කලක් එහි නායකත්වය ද හෙබවීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්, බේරුවල සංවිධායක හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පත් කර තිබෙනවා.

ඔහු අද (14) පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂනායකවරයා හමු වු අවස්ථාවේදී ඊට අදාළ පත්වීම් ලිපිය ලබා දී තිබෙනවා.