Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉහ මොළ රත්වෙන ලෙස ඉහළ ගිය කොච්චි මිල

2 years ago

නයි මිරිස් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසනවා.

ඔවුන් සඳහන් කළේ මේ වන විට නයි මිරිස් කිලෝග්‍රෑමයක මිල රු.500 – රු.1100 අතර පවතින බවයි.

මින් පෙර මෙතරම් වැඩි මිලකට නයිමිරිස් අලෙවි නොවූ බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන්නේ.

නයිමිරිස් කිලෝවක මිල රු.1000 ඉක්මවා ඇති බැවින් වෙනත් මිරිස්වලට වඩා නයිමිරිස් වගා කිරීමට වැඩි වශයෙන් ගොවීහු පෙළඹී සිටින බවයි වෙළඳුන් සඳහන් කළේ.