Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘අප්පච්චිගේ කොළඹ පුතා’ අප්පච්චිව හැර යයි! ප්‍රබල පිල් මාරුවක් සිදු කරයි!

2 years ago

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

ඔහු පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

දිළිඳුකම පිටුදැකීම හා සමෘද්ධි ව්‍යාපාරයට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණ ප්‍රධානියා ලෙස ඔහුව පත්කිරීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බවද වාර්තා වෙනවා.

ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මන්ත්‍රීවරයා, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම්වරයාද වෙනවා.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී ‘අප්පච්චිගේ කොළඹ පුතා’ යනුවෙන් තමාව හඳුන්වා දෙමින් ප්‍රචාරණ ව්‍යාපාරයක්ද දියත් කළේය.