Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රංග බණ්ඩාරගේ තනතුර රනිල් ගලවයි!

2 years ago

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහු සම්බන්ධයෙන් ලැබී ඇතැයි පැවසෙන බරපතල කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් එජාප නායකයා මෙම තීරණයකට එළඹ ඇතැයි පැවසේ.

එජාප ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලේකම්වරයා පත්කිරීමේ හා අවශ්‍ය ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය ඇත්තේ පක්ෂ නායකයා ටය.

පසුගිය දින කිහිපයේ ඔහු ‘සිරිකොත’ එජාප මුලස්ථානයේ රාජකාරි කටයුතු සඳහා නොපැමිණි බවද වාර්තාවේ.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන් වෙත මැතිවරණ මෙහෙයුම් වගකීම් බාරදීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) කටයුතු කළ බවයි වාර්තා වන්නේ.