පාර්ලිමෙන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් තමාට හිමි සුරාසැල් පවතින බවට කළ චෝදනාව ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී වේලු කුමාර් පවසනවා.
තමන් උසස් පෙළ අවසන් කළ පසුව අමතර පංති ගුරුවරයෙක් ලෙස කටයුතු කළ බවත් තමා සතුව ඇත්තේ, උසස් අධ්‍යාපන ආයතන පමණක් බවයි ඔහු පවසන්නේ.
පාර්ලිමෙන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් තමා ජනාධිපතිවරයාගෙන් සුරාසැල් බලපත්‍ර ලබාගත් බවට චෝදනා කළද තමාට හිමි සුරාසැලක් නොමැති බවයි වේලු කුමාර් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
තම නමට හිමි එවැනි සුරා සැලක් පිළිබඳ සාක්ෂි සහිතව ඔප්පු කළ හැකිනම් ඒ මොහොතේදීම ඔහු පාර්ලිමෙන්තුවෙන් ඉල්ලා අස් වී, තම දේශපාලන දිවියටද සමු දෙන බව ඔහු පැවසුවා.
තමන්ට එරෙහිව කළ චෝදනා හැකි නම් ඔප්පු කර පෙන්වන මෙන් දයාසිරි මන්ත්‍රීවරයාට අභියෝග කළ වේලු කුමාර් මන්ත්‍රීවරයා පැවසුවේ දයාසිරි මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කර ඇති බවයි.
වේලූ කුමාර් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබුණේ youtube නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඔහු පසුගියදා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් සජබයෙන් ඉවත් විය.


