ඉන්ධන මිල පහළ දැමුවද තම සංගමය ඇතුළු ත්‍රිරෝද රථ සංගම්වලට ගාස්තු පහළ හෝ ඉහළ දැමීමේ බලයක් නොමැති බව, වෘත්තිය ත්‍රිරෝද රථ සංගමයේ සභාපති රෝහණ පෙරේරා පවසනවා.
අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියා.
මේ අතර ඩීසල් මිල පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමිය නොහැකි බවයි බස් සංගම් පවසන්නේ.
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.


