Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සහන පොලී බැංකු ණය

සහනදායි පොලියට නිවාස ණයක්

2 years ago

ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමඟින් වත්කම් උපයන නව ආයෝජන සඳහා යොමුවීමට මෙන්ම විධිමත් විශ්‍රාම සැලසුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමට හැකි වන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ , සණස ව්‍යාපාරය මගින් ආරම්භ කරන වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හදුන්වා දීම වෙනුවෙන් කොළඹ දී අද (02) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමින්.

ආර්ථිකය කඩා වැටී රට අස්ථාවරව තිබූ මොහොතක තමන් රට භාරගෙන අසීරු තීන්දු තීරණ ගෙන යළි ගොඩනැගූ බව සඳහන් කළ ජනාධිපතිවරයා එදා ජනතාව ඉවසීමෙන් කටයුතු නොකළා නම් අද බංග්ලාදේශයට අත්ව ඇති ඉරණම ශ්‍රී ලංකාවට ද අත්වන බව පෙන්වා දුන්නා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

“අඩු ආදායම්ලාභීන්ට සහන පොලිය මත නිවාස ණය ලබාදීමට අවධානය යොමු කරමින් තිබෙනවා. මෙතෙක් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලේ මුදල් යෙදවූයේ බැඳුම්කර මිලදී ගැනීම සඳහායි. දැන් අප ගෙන යන වැඩපිළිවෙළ අනුව රාජ්‍ය වියදම් අඩු කර තිබෙනවා. රාජ්‍ය ආදායම් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. ආදායම වැඩූ විට බැඳුම්කර මිලදී ගැනීමට අර්ථසාධක අරමුදලේ මුදල් අවශ්‍ය වන්නේ නැහැ. එම මුදල් ආයෝජනය සඳහා යෙදවීමට සාකච්ඡා කරමින් තිබෙනවා. මේ පිළිබඳව වෘත්තීය සමිති සහ හාම්පුතුන් සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
රජයේ වත්කම් වලින් ආයෝජන සමාගමක්, (National Wealth Fund) ඇති කිරීමටද ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. නෝර්වේ, කටාර්, සිංගප්පුරු වැනි රටවල්ද රාජ්‍ය ආදායමෙන් එන ලාභය සුභසාධනය සඳහා යෙදවීමට මෙවැනි සමාගමක් නිර්මාණය කර තිබෙනවා. එමඟින් ජනතාවගේ අයිතිය සුරක්ෂිත කළ හැකියි.”