Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කමිඳු මෙන්ඩිස්ට උසස්වීමක් ලබාදීමට බලාපොරොත්තුවක් නැහැ – ධනංජය ද සිල්වා

2 years ago

කමිඳු මෙන්ඩිස්ට ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබාදීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පවසනවා.

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“පිතිකරුවන් ලකුණු ගහන්න ඔනේ ඒක තමා අපිට වෙච්ච ලොකුම අඩුපාඩුව. ආරම්භයක් ගත්ත අයට ලකුණු 100ක්, 150ක් දක්වා පරිවර්තනය කරගන්න බැරි වුණා. ජෝ රූට් දිගටම ලකුණු අතර හිටියා. එයාගේ වටේ තමා අනිත් අය ලකුණු රැස්කළේ. අපෙත් කවුරු හරි ඒක කරන්න ඔනේ. එහෙම කළොත්, 320 – 350 සීමාවට යන්න පුළුවන්. පළවෙනි ඉනිමේ ලකුණු ගොඩාක් වැදගත් වෙනවා.

කලින් මැච් දෙක අරන් බැලුවත්, අපේ සැලැසුම් ක්‍රියාත්මක කරන්න එයාලා ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා තමා එයාලා සාර්ථක වුණේ.

කමිඳු මෙන්ඩිස්ට දීලා තියෙන තැන හොඳට සෙල්ලම් කරනවා නම් එයාව උඩට දාලා අමාරු‌වේ දාන්න ඔනේ කියලා හිතන්නේ නැහැ. එයා එතැන අඛණ්ඩ ලකුණු ගහනවා නම් එයාගේ කැරියර් එකටත් හොඳයි. ඉස්සරහට බලනවා. මාරු කරන්න පුළුවන් ද කියලා එයාගෙනුත් අහලා. දැනට තියෙන තත්ත්වය අනුව එයා අංක හත ක්‍රීඩා කරයි. කමිඳුව උඩින් එවලා එයා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවි ගියොත් ඒකේ දෝෂාරෝපණය එන්නෙත් මටයි.”