Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රංගන හේරත්ට ලොකු වගකීමක් පවරයි

2 years ago

එළැඹෙන ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලි සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් ව නම්කර තිබේ.

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමඟ එක් ටෙස්ට් තරගයකට හා ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග ද්විත්වයකට සහභාගී වෙයි.

එම සියලුම තරග පැවැත්වෙන්නේ ආසියාවේදීය.

ඉන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග ඉන්දියාවේ පැවැත්වෙන තරගය සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා රංගන හේරත් ගේ සේවය නවසීලන්ත කණ්ඩායමට හිමිවෙයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට ක්‍රීඩාකර ඇති හේරත් එහිදී කඩුලු 433ක් දවාගෙන ඇත.