Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2 years ago

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය  තව ස්වල්ප මොහොතකින් එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

තරගයේ කාසිය දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දීමට තීරණය කළේය.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.

ඒ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය සහ ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක වෙනුවට විශ්ව ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් කැඳවීමෙනි. 

ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ලෙස නම් කර ඇත්තේ දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝමැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, , කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රිඩකයනුයි.