තමන්ට සනහය නොදෙන රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම සෙසු මන්ත්රිවරුන්ටද ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
ජනාධිපතිවරයා විසින් සිය බලතල ප්‍රකාරව ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ,මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරු ඉවත් කිරීමට ඊයේ(06) පියවර ගත්තේය.
එම රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සක්‍රීයව මැදිහත්ව සිටිති.

