Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා මහ ඇමතිවරයෙක් සජිත්ගේ වේදිකාවට

2 years ago

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මිනුවන්ගොඩ නගරයේ පසුගිය 05 වනදා පැවති ජන රැලියට හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු මධ්‍යම පළාත් මහ ඇමතිවරයෙකු වන නන්දිමිත්‍ර ඒකනායක මහතා එක්විය.

ඔහු වසර ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ලෙස මෙන්ම මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙසද කටයුතු කළේය.

ඔහු සමඟින් ඔහුගේ පුත්‍රයාද සමගි ජන බලවේගයට එක් වූ අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් වශයෙන්ද කටයුතු කරයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නෙකු වන තිළිණ තුෂාර මිරැන්ඩු ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් එම වේදිකාවට ගොඩවිය.