Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් සුවිශේෂී දස්කම්

2 years ago

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියට එක්ව සිටින යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සමත්ව සිටිනවා.

බාබෙඩොස් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන දුනිත්, තරගාවලියේ පසුගිය සිකුරාදා පැවති තරගයේදීද කැපී පෙනෙන දස්කම් දැක්වීය.

ශා. කිට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගයේදී දුනිත් පන්දු යැවීමෙන් ලකුණු 35කට කඩුලු 03ක් දවාගත් අතර, පන්දුවට පහරදීමෙන් පන්දු 32කට ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය.

ඒ හේතුවෙන් තරගයේ වීරයාට හිමි සම්මානයද දුනිත් දිනාගත්තේය.

මෙම තරගයේදී බාබෙඩොස් කණ්ඩායම නියෝජනය කළ මහීෂ් තීක්ෂණ ලකුණු 16කට කඩුලු 02ක් දවාගැනීමට සමත් විය.

සා. කිට්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගයට ක්‍රීඩා කළ වනිඳු හසරංගද තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වීය. 

ඔහුද පන්දුවට පහරදීමෙන් පන්දු 27කින් ප්‍රහාරාත්මක ලකුණු 40ක් රැස්කළ අතර, පන්දු යැවීමෙන්ද ලකුණු 33කට එක් කඩුල්ලක් දවාගත්තේය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශා. කිට්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 08ක් දැවී ලකුණු 153ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ලකුණු 154ක ඉලක්කයක් හඹාගිය බාබෙඩොස් රෝයල්ස් කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට සමත් විය.