Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැතුම් එක් අන්තයක හුදකලා කරමින් ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අදත් අසරණ වෙයි

2 years ago

ශ්‍රී ලංකා සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය ප්‍රථම ඉණිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස්කළා.

ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු ඩග්ලස් පෝක් ලකුණු 154ක් රැස්කළා.

පන්දු යැවිමේ දී මිලාන් රත්නායක ලකුණු 56කට කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට පළමු ඉනිම සඳහා ලකුණු 326ක් ඉලක්කයක් හිමි වී තිබෙනවා.

මේ වන විට සිය ප්‍රථම ඉණිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 22ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 123ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් මුල් පෙළ පිතිකරුවන් අසරණ වෙද්දී පැතුම් නිස්සංක පමණක් එක් අන්තයක හුදකලා වෙමින් පන්දු 51කදී ලකුණු 64ක් රැස් කළේය.