Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගූ ධනංජය හා කමිඳු

2 years ago

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට ඊයේ (07) තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 211ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 325ට වඩා තවත් ලකුණු 114ක් පසුපසින් සිටියි.

තරගය ඊයේ(07) දිනයට නතර කරන විට කඩුල්ලේ රැඳි සිටි නායක ධනංජය ද සිල්වා ලකුණු 64ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කරගෙන සිටියහ.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 05ක් ලකුණු 93ක් තුළ බිඳවැටී ඉතා අසරණව තිබූ මොහොතේ එක් වූ ඔවුන් දෙදෙනා මේ වනවිට 06වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 118ක සබඳතාවක් පවත්වාගෙන සිටියි.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගෙන් සාර්ථක වූ එකම පිතිකරුවා පැතුම් නිස්සංක පමණක් වන අතර ඔහු ලකුණු 64ක් රැස් කළේය.

එංගලන්තය වෙනුවෙන් ඔලී ස්ටෝන් (2/28), ක්‍රිස් වෝක්ස් (1/41) හා ජොෂ් හල් (1/26) කඩුලු දවාගැනීමට සමත්ව වූහ.